එංගලන්තයේ විශාලම ගුවන්තොටුපොළ ලෙස සැලකෙන Heathrow ගුවන්තොටුපොළ අද (21) දවස පුරා වසා තැබීමට එහි පාලනාධිකාරිය තීරණය කර තිබෙනවා.
ගුවන් තොටුපළ ආසන්න විදුලි උප පොළක ගින්නක් නිසා ඇති වූ බිඳ වැටීමක් හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
මේ නිසා ගුවන් තොටුපළට ලඟාවන සහ එයින් පිටවන ගුවන් යානා ගමන් වාර විශාල ප්‍රමාණයක් අවලංගු කර ඇති බවයි වාර්තා වෙන්නේ.
බටහිර ලන්ඩනයේ හේස් හි උපපොළේ ඇති වූ මෙම බිඳවැටීම හේතුවෙන් නිවාස රැසකට ද විදුලිය විසන්ධි වී ගොස් ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.