2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනතෙහි විධිවිධාන යටතේ, තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාවේ සාමාජික ධුරයක ඇතිවී තිබෙන පුරප්පාඩුව පිරවීම සඳහා සුදුසුකම් සහිත තැනැත්තන්ගෙන් අයදුම්පත් කැඳවා තිබෙනවා.
ඒ අනුව අයදුම්කරුවන් විසින් පාර්ලිමේන්තු වෙබ් අඩවියෙහි ඇති (www.parliament.lk) ක්‍ෂණික සබැඳි යටතේ ‘තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාවට සාමාජිකයෙකු පත් කිරීම’ නමින් පළ කර ඇති තොරතුරු ආකෘති පත්‍රයට අනුකූලව අයදුම්පත්‍ර සකස් කළ යුතු බවයි සඳහන් වෙන්නේ.
එසේ සම්පුර්ණ කරන අයදුම්පත්‍ර 2025 අප්‍රේල් 01 දින හෝ ඊට පෙර ‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ මහ ලේකම්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභා කාර්යාලය, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ’ යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් එවිය යුතුයි.
නැතිනම් constitutionalcouncil@parliament.lk යන විද්‍යුත් ලිපිනයට අයදුම්පත්‍ර යොමු කළ යුතු බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
ලියුම් කවරයේ ඉහළ වම් කෙළවරේ හෝ විද්‍යුත් පණිවිඩයේ විෂයය වශයෙන් ‘තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාවට සාමාජිකයෙකු පත් කිරීම’ යනුවෙන් සඳහන් කළ යුතු බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.