ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සැකකරුවන් 10 දෙනා ලබන 04 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.
ඒ අනුව එම සැකකරුවන්ට එරෙහි නඩුව අද (21) Skype ඔස්සේ කැඳවූ අවස්ථාවේදී කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය මෙම නියෝගය නිකුත් කර ඇති බවයි සඳහන් වෙන්නේ.
නඩුව කැඳවූ අවස්ථාවේදී කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ, අදාළ සිද්ධියේ තුන්වන සැකකරු වශයෙන් නම්කර සිටින මීගමුව පොලිසියේ සේවය කළ පොලිස් කොස්තාපල්වරයා සහ මෙම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට අවශ්‍යව සිටින ඉෂාරා සෙව්වන්දි යන කාන්තාව අතර සම්බන්ධතා පැවැති බවට කරුණු අනාවරණය වී ඇති බවයි.
මෙම සිද්ධියට අදාළව මේ වන විට පුද්ගලයින් 55 දෙනෙකුගෙන් පමණ ප්‍රශ්න කොට ප්‍රකාශ සටහන් කරගෙන තිබෙන අතර, රාජ්‍ය ආයතනවලින් තවත් සාක්ෂි 25ක් පමණ එක් රැස් කරගෙන තිබෙන බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.