ගෝලීය වශයෙන් මෙන්ම දේශීය වශයෙන් ද ආර්ථික ක්ෂේත්‍රය සඳහා කාන්තා සහභාගීත්වය වැඩි කර ගැනීමේ දැඩි අවශ්‍යතාවක් ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.
ඒ අනුව ආර්ථිකයට දායක වන පුරුෂ පාර්ශ්වයේ ක්‍රියාකාරී ප්‍රතිශතය ගෝලීය වශයෙන් 72%ක් බවත්, දේශීය වශයෙන් එය 71% ක් බවත්, ඊට සාපේක්ෂව කාන්තා සහභාගිත්ව ප්‍රතිශතය ගෝලීය වශයෙන් 47% ක් සහ දේශීය වශයෙන් 32% ක් පමණ වන බවයි අගමැතිවරිය සඳහන් කළේ.
මුදල්, ක්‍රම සම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය හා ආසියානු සංවර්ධන බැංකුව ඒකාබද්ධව සංවිධානය කරන ලද කාන්තා ව්‍යවසායක මූල්‍ය සංග්‍රහය (WE Finance Code) එළිදැක්වීමේ උත්සවයට සහභාගී වෙමින් අගමැතිවරිය මේ බව සඳහන් කළා.
කාන්තාවන්ට ව්‍යවසායිකාවන් ලෙස නැගී සිටීමට බාධාවක් වන මූල්‍ය ප්‍රවේශය, වෙළඳපල, ශ්‍රම පුහුණු සහ තාක්ෂණික වශයෙන් පවතින ව්‍යුහාත්මක අවහිරතා ඉවත් කිරීම වැදගත් වන බවයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.