යල කන්නය සඳහා පොහොර සහනාධාරය ලබාදීමට කැබිනට් අනුමැතිය

pohora

2025 යල කන්නය සඳහා කුඹුරු ඉඩම්වල වගා කරනු ලබන ගොවීන් සඳහා පොහොර මූල්‍ය සහනාධාර ලබා දීම පිණිස අනුමැතිය ලබා දීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග ඇමතිවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවක් සැලකිල්ලට ගනිමින්, 2025 යල කන්නයේ කුඹුරු ඉඩම්වල වී වගා කරනු ලබන ගොවීන් සඳහා සහ කුඹුරු ඉඩම්වල වෙනත් ක්ෂේත්‍ර භෝග වගා කරනු ලබන ගොවීන් සඳහා පොහොර මූල්‍ය සහනාධාර ලබා දීම පිණිස අනුමැතිය ලබා දීමට අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කළ බවයි අදාළ කැබිනට් තීරණයේ දැක්වෙන්නේ.

2025 යල කන්නයේදී කුඹුරු ඉඩම්වල සිදු කරන වී වගාව සඳහා හෙක්ටයාරයකට රුපියල් 25,000 බැගින් උපරිම වශයෙන් හෙක්ටයාර 02ක් සඳහාත්, කන්න රැස්වීම්වලදී තීරණය කරනු ලබන කුඹුරු ඉඩම්වල සිදු කරන වෙනත් ක්ෂේත්‍ර භෝග වගා සඳහා හෙක්ටයාරයකට රුපියල් 15,000/-ක් බැගින් උපරිම වශයෙන් හෙක්ටයාර 02ක් සඳහාත් පොහොර සහනාධාරය ලබාදීමට කැබිනට් අනුමැතිය ලබාදී ඇති බවයි සඳහන් වෙන්නේ.

අදාළ කැබිනට් තීරණය පහතින්.

news images