පෞද්ගලික උපකාරක පන්තියක දී සිසුන් දණ ගස්වා පහරදීම සම්බන්ධව චෝදනා එල්ල වී ඇති උපකාරක පන්ති ගුරුවරයාට විදෙස් ගමන් තහනමක් පනවා තිබෙනවා.
එල්ල වී ඇති චෝදනා සම්බන්ධව විමර්ශනය කිරීම සඳහා සැකකාර ගුරුවරයාට ඊයේ (11) දිනයේදී ළමා ආරක්ෂණ අධිකාරිය වෙත පැමිණෙන ලෙස දන්වා තිබුණ ද, ඔහු ඒ සඳහා නොපැමිණි බවයි ළමා ආරක්ෂණ අධිකාරිය සඳහන් කළේ.
ඒ අනුව, මේ සම්බන්ධව අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසු සැකකරුට එරෙහිව විදෙස් ගමන් තහනමක් ලබා ගැනීමට කටයුතු කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.