විශේෂ අවශ්‍යතා සහිත මගී ජනතාවගේ පහසුව වෙනුවෙන් මාකුඹුරේ අන්තර්කරණ සහාය මධ්‍යස්ථානයක්

help-desk

විශේෂ අවශ්‍යතා සහිත මගී ජනතාවගේ පහසුව වෙනුවෙන්, මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය කේන්ද්‍ර කර ගනිමින් අන්තර්කරණ සහය මධ්‍යස්ථානයක් විවෘත කර තිබෙනවා.

ඒ අනුව ශ්‍රව්‍යාබාධිත, දෘශ්‍යාබාධිත ආදි විශේෂ අවශ්‍යතා සහිත මගී ජනතාවගේ පහසුව වෙනුවෙන් ඔවුන්ට ද පොදු ප්‍රවාහනය වෙත ප්‍රවේශවීමේ හැකියාව ලබාදීමත්, පොදු ප්‍රවාහනය තුළ කාන්තා ආරක්ෂාව තහවුරු කිරීමත් අරමුණු කර ගනිමින් මෙය ස්ථාපිත කර ඇති බවයි සඳහන් වෙන්නේ.

මෙම විශේෂ ස්ථාපිත කිරීම මගින් හදිසි දැනුම්දීමේ අංකයක්, ශ්‍රව්‍යාබාධිත මගීන්ට සන්නිවේදන පහසුවක් මෙන්ම තොරතුරු දැනගැනීමේ පහසුව වැනි සේවාවන් රැසක් මගී ජනතාවට හිමිවන අතර, මෙම උපකාරක කවුලුවේ (Help Desk) සේවය සඳහා විශේෂ අවශ්‍යතා සහිත සේවක පිරිස්ම යොදවා තිබීම විශේෂත්වයක්.

මෙම අවස්ථාවට සමගාමීව, මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ වෙබ් අඩවිය එළි දැක්වීම ද සිදුකර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.