අනුරාධපුරය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියක දූෂණය කිරීමේ සිද්ධියේ සැකකරු අත්තඅඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් 5 ක් යොදවා ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසනවා.
ඒ අනුව අදාළ සැකකරු මේ වන විට හඳුනාගෙන ඇති බවත් ඔහු හමුදාවෙන් පළාගිය පුද්ගලයෙක් බවයි අද (11) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ.
මේ සම්බන්ධයෙන් කඩිනමින් නීතිය ක්‍රියාත්මක කිරිමට මැදිහත් වන බවයි මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල වැඩිදුරටත් ප්‍රකාශ කළේ.