ගණේමුල්ල සංජීව වෙඩි තබා ඝාතනය කිරීමට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් තවත් සැකකරුවන් දෙදෙනෙක් ඊයේ (28) මිනුවන්ගොඩ ප්‍රදේශයේදී කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අනුව, එම අපරාධය මෙහෙයවීමට භාවිත කරන ලද සිම්පත් ලබාදී, මනුෂ්‍ය ඝාතනයකට ආධාර අනුබල දීම යටතේ සැකපිට මැදගොව්ව, මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචි උදාර නිර්මාල් ගුණරත්න නම් 28 හැවිරිදි පුද්ගලයෙක් ද, මිනුවන්ගොඩ පාර, දූනගහ ප්‍රදේශයේ පදිංචි නලින් දුෂ්‍යන්ත නම් 31 හැවිරිදි පුද්ගලයෙක් ද එසේ අත්අඩංගුවට පත්වී ඇති බවයි සඳහන් වන්නේ.
ගණේමුල්ල සංජීව වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 12 දෙනෙකු මේ දක්වා අත්අඩංගුවට ගෙන තිබෙනවා.