නව තානාපතිවරියක් සහ මහ කොමසාරිස්වරියක් පත්කිරීමට උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ නිර්දේශය හිමිවී තිබෙනවා.
ඒ අනුව ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරිය ලෙස වයි.කේ.ගුණසේකරගේ නම උසස් නිලතල පිළිබඳ කාරක සභාව විසින් නිර්දේශ කර තිබෙනවා.
එසේම බහරේන් රාජධානියේ ශ්‍රී ලංකා තානාපතිවරිය ලෙස එස්.එස්. දිසානායකගේ නම උසස් නිලතල පිළිබඳ කාරක සභාව විසින් නිර්දේශ කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.