ස්වාධීන අභිචෝදක කාර්යාල​යක් ස්ථාපිත කිරීමට රජය තීරණය කරයි

court-2

ස්වාධීන අභිචෝදක කාර්යාලයක් ස්ථාපිත කිරීමට රජය තීරණය කර ඇති බව අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යංශය පවසනවා.

ඒ අනුව එහි මූලික පියවරක් වශයෙන් විද්වත් කමිටුවක් පත් කිරීමට යෝජිත අතර එම කමිටුව කරුණු කීපයකින් සමන්විත බවයි එම අමාත්‍යංශය නිවේදනය කළේ.

එම කමිටුව සඳහා නීතිපතිවරයා හෝ නීතිපතිවරයා විසින් නම් කරන නියෝජිතයින් දෙදෙනෙක්, අධිකරණ අමාත්‍යංශයේ ලේකම්, අධිකරණ සේවයේ උක්ත විෂය සම්බන්ධයෙන් ප්‍රාමාණික දැනුමක් ඇති ජ්‍යෙෂ්ඨ විනිසුරුවරයෙකු, ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපතිවරයා හෝ සභාපතිවරයා විසින් නම් කරන නියෝජිතයෙකුගෙන් සමන්විත බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

අදාළ නිවේදනය පහතින්.

67a9d0a6de715pdf_page_0