ඩුබායි රාජ්‍යයේදී අත්අඩංගුවට ගැනීමෙන් පසු මෙරටට රැගෙන ආ රොටුඹ උපාලි නමැති සැකකරු සම්බන්ධයෙන් රැඳවුම් නියෝග ලබාගත් බව පොලීසිය පවසනවා.
39 හැවිරිදි මෙම සැකකරු මාතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට රැගෙන විත්, මාතර මහේස්ත්‍රාත් නිල නිවසේදී මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව මෙසේ රැඳවුම් නියෝග ලබාගෙන තිබෙනවා.
ඒ අනුව සැකකරුව දින 07ක රැඳවුම් නියෝග මත තිහගොඩ පොලිස් ස්ථානයේ රඳවා තැබීමට අවසර හිමිවී තිබෙන බවයි සඳහන් වන්නේ.
2008.04.16 දින ජාසිං අරච්චිගේ බුද්ධික රංග කුමාර යන අයට වෙඩි තබා මනුෂ්‍ය ඝාතනය සිදු කිරීම, ඌරුබොක්ක පොලිස් වසමේදී වයස අවුරුදු 15 ක බාල වයස්කාර දැරියක් අපහරණය කර ස්ත්‍රි දූෂණය කිරීම සහ 2008.10.01 වන දින ඌරුමුත්ත ප්‍රදේශයේදී කඩුවකින් සහ කැත්තකින් පහර දී මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීම යන චෝදනා සැකකරුට එරෙහිව එල්ල වී තිබෙනවා.