දැනට ක්‍රියාත්මක නොවන කොරියානු E-8 වීසා කාණ්ඩයේ රැකියා ලබාදෙන බව පවසා දිවයිනේ විවිධ ප්‍රදේශවල පුද්ගලයින්ගෙන් මුදල් එකතු කිරීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බවට තොරතුරු වාර්තා වී ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසනවා.
E-8 රැකියා කාණ්ඩය යටතේ රැකියා හෝ ඊට අනුබද්ධ පුහුණුවකට කිසිදු පෞද්ගලික රැකියා නියෝජිත ආයතනයකට, පුද්ගලයෙකුට, පුද්ගල කණ්ඩායමකට කිසිදු අනුමැතියක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මෙතෙක් ලබා දී නොමැති බවයි නිවේදනයක් නිකුත් කරමින් එම කාර්යංශය පවසා සිටින්නේ.
එවන් කටයුතුවලට හසුවී හෝ අනුබල දෙමින් ක්‍රියාත්මක වෙන රැකියා නියෝජිත ආයතන හෝ එසේ නොවන රැකියා නියෝජිත ආයතන මුවාවෙන් ක්‍රියාත්මක වෙන ආයතන හෝ පුද්ගලයන් හෝ අතරමැදියන් තරාතිරම නොබලා අත් අඩංගුවට ගැනීමට විදේශ නියුක්ති කාර්‍යාංශ පනතේ විධිවිධාන යටතේ ක්‍රියකරනු කරන බවත් එම කාර්යංශය පවසනවා.
E-8 වීසා යටතේ දකුණු කොරියාවේ රැකියා සදහා විදේශගත වීමේ වුවමනාවෙන් එසේ මුදල් හෝ වෙන යම් හෝ ගනුදෙනුවක් හෝ ක්‍රියාවලියකට හෝ හසුවෙන කිසිදු ශ්‍රී ලාංකිකයෙක් කොරියාවට හෝ වෙනත් කිසිදු රටකට හෝ රැකියා සදහා විදේශගත විය නොහැකි වීමේ අවධානමකට ලක්වීමට ඉඩ ඇති බැවින්, එවැනි වංචනික ක්‍රියාවන්ට හසුවීමෙන් හෝ අනුබල දීමෙන් වලකින ලෙසයි විදේශ සේවා නියුක්ති කාර්යංශය දන්වා සිටින්නේ.