සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර පාලන අංශය මගින් බලපත්‍ර නිකුත් කිරීම ප්‍රමාද කිරීම නිසා ලුණු ආනයනය කිරීම තවදුරටත් ප්‍රමාද වන බව ලුණු නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා.
මේ හේතුවෙන් රටේ පවතින ලුණු හිඟය තවත් උග්‍රවනු ඇති බවයි එම සංගමයේ සභාපති ගණක අමරසිංහ සඳහන් කරන්නේ.
එසේම ලුණු ආනයනය කිරීම සඳහා ලබා දී ඇති කාලසීමාව පෙබරවාරි 28 න් පසු අවසන් වන බවද ඔහු පවසා සිටියා.