බුද්ධිමය දේපල පනත සංශෝධනයට කැබිනට් අනුමැතිය

cabinet-updates

බුද්ධිමය දේපළ පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.

ලෝක බුද්ධිමය දේපළ සංවිධානය විසින් පරිපාලනය කරන මැඩ්රිඩ් සන්ධාන පත්‍රයට ප්‍රවේශ වීමේ කටයුතු ඉදිරියට සිදු කිරීම හා ඒ සඳහා 2003 අංක 36 දරන බුද්ධිමය දේපළ පනතට අවශ්‍ය සංශෝධන සිදු කිරීම පිණිස 2020-02-12 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබාදී තිබූ බවයි සඳහන් වෙන්නේ.

ඒ අනුව, සකස් කරනු ලැබ ඇති පනත් කෙටුම්පත මෙතෙක් අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කර නොමැත. ඒ අතරතුර, වෙළෙඳ සහ සේවා ලකුණු ජාත්‍යන්තරව ලියාපදිංචි කිරීම හා ආශ්‍රිත තවත් සංශෝධන කිහිපයක් එකී පනත් කෙටුම්පතට ඇතුළත් කිරීම යෝග්‍ය බවට හඳුනාගනු ලැබ ඇති බවයි සඳහන් වෙන්නේ.

එම සංශෝධන ද ඇතුළත් කරමින් 2003 අංක 36 දරන බුද්ධිමය දේපළ පනත සංශෝධනය කිරීම සඳහා වන පනත් කෙටුම්පත සකස් කිරීමේ කාර්යය කඩිනමින් නිම කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම පිණිස වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

අදාළ කැබිනට් තීරණය පහතින්.

67a34babd3904