2024 මහ මැතිවරණයේ ආදායම් වියදම් වාර්තා භාර නොදුන් අපේක්ෂකයින් සම්බන්ධයෙන් නෛතික කටයුතු ආරම්භ කරන ෙලෙසවැඩබලන පොලිස්පතිවරයා විසින් උපදෙස් ලබාදී තිබෙනවා.
ආදායම් වියදම් වාර්තා මෙතෙක් භාර දීමට ක්‍රියා නොකළ අපේක්ෂකයින් 1042කගේ සහ පක්ෂ ලේකම්වරුන් හා ස්වාධීන කණ්ඩායම් නායකයන් 197 දෙනෙකු සම්බන්ධයෙන් විස්තර වාර්තාවක් මැතිවරණ කොමිෂන් සභාව විසින් වැඩබලන පොලිස්පතිතුමා වෙත යොමු කර ඇති බවයි සඳහන් වෙන්නේ.
ඒ අනුව වගඋත්තරකරුවන්ට අදාළ මැතිවරණ කොට්ඨාසවලට අයත් පොලිස් කොට්ඨාසයන් හි කොට්ඨාස අපරාධ විමර්ශණ කාර්යාංශ මගින්, නියෝජ්‍ය පොලිස්පති නීති දිසාවගේ අධීක්ෂණය යටතේ විමර්ශන ආරම්භ කිරීමට පොලිස්පතිවරයා උපදෙස් ලබාදී තිබෙනවා.
කොට්ඨාස භාර නිලධාරීන් විසින් 2025.01.31 වන දිනට ප්‍රථම එකී විමර්ශනවලට අදාළ උධෘත සකස් කොට නීතිපති උපදෙස් ලබා ගැනීම සඳහා යොමු කිරීමට වැඩබලන පොලිස්පතිවරයා විසින් සියළුම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්, නියෝජ්‍ය පොලිස්පතිවරුන් හා කොට්ඨාස භාර නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇති බවයි පොලිස් මූලස්ථානය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.