චීනයේ පැතිර යතැයි කියන ශ්වසන ආසාදන තත්ත්වය සම්බන්ධයෙන් බියක් ඇති කරගත යුතු නැති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ අසාත්මිකතා ප්‍රතිශක්තිකරණ හා සෛල ජීව විද්‍යා ඒකකයේ අධ්යක්ෂ වෛද්‍ය චන්දිම ජීවන්දර පවසනවා.
සමාජ මාධ්‍ය හරහා සටහනක් තබමින් අධ්යක්ෂවරයා සඳහන් කර ඇත්තේ, ශීත ඍතුවේ දී ශ්වසන ආසාදන ඉහළ යන බවත්, චීනයේද බොහෝ දුරට HMPV වෛරසය නිසා ශ්වසන ආසාදන ඉහළ ගොස් ඇති බවයි.
HMPV යනු නව වෛරසයක් නොවන බවද, එය සාමාන්‍යයෙන් සෙම්ප්‍රතිශ්‍යාව හෝ උණ වැනි රෝග ලක්ෂණ සහිත ශ්වසන ආසාදන ඇති කරවන බවද, රෝග ලක්ෂණ දරුණු නම් හෝ වසංගත තත්ත්වයක් දක්වා වර්ධනය නොවන්නේ නම් මිස මහජනයා අතර පරීක්ෂණ සිදුකිරීමට අවශ්‍ය නොවන බවද ඔහු පෙන්වා දෙනවා.
HMPV නිසා ශ්වසන ආසාදනවල වැඩිවීමක් ඇති කරන නමුත්, එය නව වෛරසයක් හෝ වසංගත තර්ජනයක් නොවන බවයි වෛද්‍ය චන්දිම ජීවන්දර තවදුරටත් සඳහන් කර ඇත්තේ.
සමහර සමාජ මාධ්‍ය සටහන් මගින් මෙය අර්බුදකාරී තත්ත්වයක් ලෙස හුවා දක්වා ඇති නමුත්, චීන බලධාරීන් සහ ලෝක සෞඛ්‍ය සංවිධානය මේ දක්වා හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර නොමැති බවයි වෛද්‍ය චන්දිම ජීවන්දර වැඩිදුරටත් පවසා සිටින්නේ.