2025 වර්ෂය වනවිට විභාග නිසි පරිදි පැවැත්වීමට වැඩ පිළිවෙළ සකස් කර තිබෙනවා – අධ්‍යාපන ඇමති

susil-premajayantha-parliment

2025 වර්ෂය වනවිට විභාග නිසි පරිදි පැවැත්වීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙළ සකස් කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් පවසනවා.

ඒ අනුව අද (24) පාර්ලිමේන්තුවේදී යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ, උසස් පෙළ උත්තර පත්‍ර සමීක්ෂණය සඳහා අවශ්‍ය වැඩපිළිවෙළ මේ වනවිට සකස් කරමින් ඇති බවයි.

මෙවර උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර සමීක්ෂණය කරන ගුරුවරුන්ට හා විශ්ව විද්‍යාල කථිකාචාර්යවරුන්ට පසුගිය වසරේදී ලබාදුන් දීමනා ලබාදීම සඳහා තමා විසින් අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කර ඇති බවද අධ්‍යාපන අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.