විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් මහජන අදහස් විමසීම අද (27) ආරම්භ වන බව මහජන උපයෝගිතා කොමිසම පවසනවා.
ඒ අනුව මධ්‍යම පළාතේ මහජන අදහස් විමසීම මහනුවර දිස්ත්‍රික් ලේකම් ලේකම් කාර්යාලයේදී අද සිදු කෙරෙන බව එම කොමිසම සඳහන් කළේ.
මහජන උපයෝගිතා කොමිසම වැඩිදුරටත් පැවසුවේ ඌව පළාතේ මහජන අදහස් විමසීම ලබන 30 වැනිදා සිදු කිරීමට නියමිත බවයි.