05 වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය සඳහා යළි විභාගය පවත්වන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ඊට සහභාගි වූ සිසු සිසුවියන් හා ඔවුන්ගේ දෙමව්පියන් විසින් ඉදිරිපත් කළ මූලික මිනිස් අයිතිවාසිකම් පෙත්සම් පිළිබඳ විභාගය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද (18) අවසන් කර තිබෙනවා.
ඒ අනුව එහි තීන්දුව ලබන 31 වනදා ප්‍රකාශයට පත් කරන බවයි ශ්‍රේෂ්ඨාධිකරණය නිවේදනය කළේ.
යසන්ත කෝදාගොඩ, කුමුදුනී වික්‍රමසිංහ සහ අර්ජුන ඔබේසේකර යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම් පුරා දින තුනක් තිස්සේ විභාගයට ගැණුනා.
ඒ අනුව පෙත්සම්කාර හා වගඋත්තරකාර පාර්ශවයේ සියලුම නීතිඥවරුන්ගේ වාචික දේශන ඉදිරිපත් කිරීම අද සවස අවසන් වූ අතර, ඉන් අනතුරුව ලිඛිත දේශන තිබේ නම් ඒවා හෙට (19) පෙ.ව. 9.00 පෙර ඉදිරිපත් කරන ලෙස නියෝග කර තිබෙනවා.
ඒ අනුව මෙම පෙත්සම්වලට අදාළ තීන්දුව ලබන 31 වනදා ප්‍රකාශයට පත්කරන බවයි වැඩිදුරටත් නිවේදනය කර තිබෙන්නේ.