පශ්චාත් මැතිවරණ සමයේ ද සාමකාමීව කටයුතු කරන්නැයි පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
මැතිවරණ දිනයේ සිට සතියක කාලයක් පශ්චාත් මැතිවරණ කාලසීමාව වන බවත්, මෙම කාලය තුළ, කිසිදු ආකාරයකින් පොදු ස්ථානවල රැස්වීම් පැවැත්වීම, පෙළපාලි යෑම ආදිය සිදුකළ නොහැකි බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති, නීතිඥ නිහාල් තල්දූව සඳහන් කරනවා.
තෝරා ගත් පොලිස් බල ප්‍රදේශවල තවදුරටත් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බවයි ඔහු පවසන්නේ.
මේ අතර, මැතිවරණ නීති කඩකිරීම සම්බන්ධයෙන් දින දෙකක් තුළ පුද්ගලයින් 581 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා සිටියා.