මම බහුතරයක් නැති හිටපු ජනාධිපති, එතුමා බහුතරයක් නැති වත්මන් ජනාධිපති – රනිල්

ranil-low

තමන් මෙන්ම වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායකද බහුතරයක් නැති ජනාධිපතිවරයෙක් බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් කර ඇති ලැයිස්තුව දෙස බැලූ විට ජනාධිපතිවරයාගේ ආණ්ඩුව මාස තුනක් තියා සති තුනක් යාමට හැකිදැයි ගැටලු සහගත බවයි මීගමුව ප්‍රදේශයේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ පැවැත් වූ ජන හමුවකට එක්වෙමින් හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේ.

පළ පුරුද්දක් ඇති පිරිසක් පාර්ලිමේන්තුවට යවන ලෙසත් රට ඉදිරියට ගෙන යාම සඳහා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට බහුතරය ලබාදෙන ලෙසයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් ප්‍රකාශ කළේ.