ජනාධිපතිවරණයේදී ගෑස් සිලින්ඩරයට ඡන්දය ලබාදී අසරණ වූ ජනතාවට සජබ සමග අත්වැල් බැඳ ගැනීමට ආරාධනා – සජිත්

sajith-premadasa-new

පසුගිය ජනාධිපතිවරණයේදී ගෑස් සිලින්ඩරයට ඡන්දය ලබාදී අසරණ වූ ජනතාවට සමගි ජන බලවේගය සමග අත්වැල් බැඳ ගැනීමට එක් වන ලෙස එහි නායක සජිත් ප්‍රේමදාස ඉල්ලා සිටිනවා.

2024 මහ මැතිවරණය සඳහා සමගි ජන සන්ධානයේ කොළඹ දිස්ත්‍රික්කය වෙනුවෙන් ඉදිරිපත්ව සිටින අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් මැද කොළඹ ආසනයේ පැවති ජන හමුවකට එක්වෙමින් ඔහු මේ බව පවසා සිටියා.

ජනතා අපේක්ෂා මල්ඵල ගැන්විය හැක්කේ සමග ජන බලවේගයට බවයි මෙහිදී  හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වැඩිදුරටත් කියා සිටියේ.