නව දේශපාලන සංස්කෘතියක් පිළිබඳ ජනතාව තැබූ විශ්වාසය පලුදු නොකළ යුතුයි – ජනපති

anura-president-governer-meet

පළාත් සභා යාන්ත්‍රණය විධිමත් කිරීම සඳහා යෝජනාවලියක් සකස් කර ඉදිරිපත් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක පළාත් ආණ්ඩුකාරවරුන්ට දැනුම් දී තිබෙනවා.

පළාත් සභා යටතේ සෞඛ්‍යය සහ අධ්‍යාපන සේවාවන් හි පවතින පුරප්පාඩු පිළිබඳව මෙහිදී විශේෂ අවධානය යොමු වූ අතර ඊට සාධනීය  විසඳුම් ලබාදීමටද මෙහිදී තීරණය වී ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

පවතින සංක්‍රාන්තික කාලය තුළ ජනතාවගේ ජීවන තත්ත්වය පහසු කිරීම සඳහා පළාත් සභාවලින් සිදුකළ හැකි උපරිම සේවාව ලබාදීමට කටයුතු කරන ලෙසයි ජනාධිපති ලේකම් කාර්යාලයේ අද (22) පෙරවරුවේ පළාත් ආණ්ඩුකාරවරු සමඟ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා සඳහන් කළේ.

නව දේශපාලන සංස්කෘතියක් ආරම්භ කිරීම සඳහා ලැබී තිබෙන ජනවරම පිළිබඳ සිහිපත් කළ ජනාධිපතිවරයා ජනතාව තැබූ එම විශ්වාසය පලුදු නොවන ක්‍රියාකරන ලෙසද මෙහිදී අවධාරණය කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

67176541d548dpdf_page_0

6717654200ab1pdf_page_1