ධීවර සහ නාවිකයන්ට කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

weather-warning-1

මධ්‍යම – නැගෙනහිර බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරන බහුදින ධීවර හා නාවික යාත්‍රා වලට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරන නිවේදන සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන ලෙස දැනුම් දී තිබෙනවා.

මධ්‍යම – නැගෙනහිර සහ උතුරු අන්දමන් මුහුද ආශ්‍රිත බෙංගාල බොක්කේ අඩු පීඩන කලාපයක් ඇතිවී තිබීම මීට හේතු වී ඇති බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මෙම අඩු පීඩන කලාපය හෙට පීඩන අවපාතයක් දක්වාත් අනිද්දා සුළි කුණාටු තත්ත්වයක් දක්වාත් වර්ධනය වනු ඇති බවයි සඳහන් වෙන්නේ.

මේ හේතුවෙන් අදාළ මුහුදු ප්‍රදේශවල තාවකාලිකව පැයට කිලෝමීටර් 70 – 80 දක්වා ඉතා තද සුළං ඇතිවිය හැකි අතර මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

අදාළ නිවේදනය පහතින්.

6715e85e348d4pdf_page_1