කොළඹ කොටුව සහ මරදාන අතර දුම්රිය ධාවනයේ ප්‍රමාදයක්

trainjaffna

කොටුව දුම්රිය ස්ථානයේ දුම්රිය ගමන්පථ වෙනස් කිරීමේ අංශයේ ඇතිවූ කාර්මික දෝෂයක් හේතුවෙන් මරදාන දෙසට ධාවනය ප්‍රමාදයක් සිදුව තිබෙනවා.

මේ වනවිටත් එහි නඩත්තු කටයුතු අරඹා ඇති අතර, හැකි ඉක්මනින් එය යථා තත්ත්වයට පත් කරන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.