ඌරන් ප්‍රවාහනයට සෞඛ්‍ය සහතිකය අනිවාර්යය කෙරේ

pig

පැතිර යන වෛරස් රෝගය හේතුවෙන් ඌරන් ප්‍රවාහනය සඳහා සෞඛ්‍ය සහතිකය අනිවාර්යය කර ඇති බව සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ සඳහා කොට්ඨාස භාර පශු වෛද්‍යවරයෙකුගෙන් සෞඛ්‍ය සහතිකය ලබා ගත යුතු බවයි එහි අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමාලි කොතලාවල සඳහන් කළේ.

පවතින තත්ත්වය පාලනය සම්බන්ධයෙන් ඌරු ගොවිපල හිමියන් සමග අද විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙන බව ඇය වැඩිදුරටත් සඳහන් කළා.