කොළඹ කොටුව සහ මඩකලපුව අතර සියලුම දුම්රිය ගමන්වාර අවලංගු කෙරේ

train-2

කොළඹ – මඩකලපුව දුම්රිය මාර්ගයේ අද දිනයේ ධාවනය වන සියලුම දුම්රිය ගමන්වාර අවලංගු කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

මින්නේරිය – රොටවැව මංසන්ධිය ආසන්නයේදී ඉන්ධන ප්‍රවාහනය කරමින් තිබූ දුම්රියක වන අලි රංචුවක් ගැටීමෙන් එම මාර්ගයට දැඩි හානි සිදුවීම හේතුවෙන් මෙම තීරණය ගෙන තිබෙනවා.