ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනිය ආරක්ෂක ලේකම් හමුවෙයි

jule-thu

ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති ජූලි චන්ග් මහත්මිය, ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා හමු වී තිබෙනවා.

ඒ අනුව ආරක්ෂක අමාත්‍යංශයේදී අදාළ හමුව සිදුව ඇති බවයි සඳහන් වෙන්නේ.

දෙරට අතර ද්විපාර්ශවික සබඳතා වර්ධනය කරගැනීම පිළිබඳ කරුණු රැසක් පිළිබඳව එහි දී සාකච්ඡා වී ඇති බවයි ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කළේ.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට නව ගුවන් යානයක් පරිත්‍යාග කිරීම වෙනුවෙන්, ආරක්ෂක ලේකම්වරයා අමෙරිකාවට සිය කෘතඥතාව ද පළකර තිබෙනවා.