IMF වැඩසටහන සම්බන්ධයෙන් නව ජනාධිපතිවරයා සමඟ කටයුතු කිරීමට අපේක්ෂා කරනවා – IMF

imf[1]

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන සම්බන්ධයෙන් නව ජනාධිපති අනුර කුමාර දිසානායක සමඟ කටයුතු කිරීමට අපේක්ෂා කරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනේ මීළඟ සමාලෝචන කාලසීමාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවයි එම අරමුදල සඳහන් කරන්නේ.