විශ්ව වෙනුවට නිශාන් පීරිස්ව සංචිතයට කැඳවයි

nishan-piris-11

වේග පන්දු යවන්නෙකු වන විශ්ව ප්‍රනාන්දු ආබාධයකට ලක්ව සිටින බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

ඒ අනුව ඔහු වෙනුවට දඟ පන්දු යවන ක්‍රීඩක නිශාන් පීරිස් ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට කැඳවා ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

නවසීලන්තය සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගය සැප්තැම්බර් 26 වනදා ගාල්ල ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි.