ඊශ්‍රායලයේ උතුරු කලාපයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට දැනුම්දීමක්

iran-ishrayal-g

ඊශ්‍රායලයේ ඉලක්ක වෙත හිස්බුල්ලා සංවිධානය එල්ල කරන ෂෙල් සහ රොකට් ප්‍රහාර හේතුවෙන් එහි රැඳී සිටින ශ්‍රී ලාංකිකයින් වඩාත් කල්පනාකාරීව කටයුතු කරන ලෙස ශ්‍රී ලංකාවේ ඊශ්‍රායල තානාපතිවරයා ඉල්ලීමක් කරනවා.

ඒ අනුව විටින් විට එල්ලවන මෙම ප්‍රහාර පිළිබඳව විමසිලිමත්ව කටයුතු කරන ලෙසයි ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපතිවරයා එරට සිටින ශ්‍රී ලාංකිකයින්ට දැනුම් දී ඇත්තේ.

ආරක්ෂිත නලා නාදවන සෑම අවස්ථාවක දීම තමන් අසල ඇති ආරක්‍ෂිත නිවස්නයට ගොස් ආරක්ෂාව සලසා ගන්නා ලෙස ඊශ්‍රායලයේ උතුරු කලාපයේ සේවය කරන ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටින බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.