අපේක්ෂකයින් ප්‍රවර්ධනය කළ රාජ්‍ය නිලධාරීන් 9 දෙනෙක් මැතිවර​ණ රාජකාරීවලින් ඉවත් කරයි

Presidential-election

රාජ්‍ය නිළධාරින් 9 දෙනෙකු මැතිවරණ රාජකාරිවලින් ඉවත්කර තිබෙන බව දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරි එම්.පී. සුමනසේකර පවසනවා.

ජනාධිපති ධුර අපේක්ෂකයින් ප්‍රවර්ධනය කිරීම හේතුවෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරින් 9 දෙනෙකු මෙලෙස ඉවත් කළ බවයි ඔහු සඳහන් කළේ.

අපේක්ෂකයින් ප්‍රවර්ධනය කරන බවට විදුහල්පතිවරු නවදෙනෙක්, නියෝජ්‍ය විදුහල්පතිවරයෙක්, ගුරුවරුන් සිව් දෙනෙක්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙක්, සමෘද්ධි කළමනාකරුවෙක් සහ වෛද්‍යවරුන් තුන්දෙනෙක් ඇතුළු රාජ්‍ය නිලධාරින් 19 දෙනෙකු පිළිබඳව හම්බන්තොට දිස්ත්‍රික් මැතිවරණ ආරවුල් නිරාකරණ මධ්‍යස්ථානය වෙත පැමිණිලි ලැබී තිබූ බවයි සඳහන් වෙන්නේ.

ඒ අනුව අවස්ථා කිහිපයකදී සිදුකළ විමර්ශනවලින් අනතුරුව එම නිලධාරීන් 19 දෙනා අතුරින් නිලධාරීන් 9 දෙනෙකු මැතිවරණ රාජකාරිවලින් ඉවත් කිරිමට පියවර ගෙන ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.