කොස්ලන්ද කඳු රක්ෂිතයේ ගින්නක්

fire-ff

කොස්ලන්ද පොලිස් බල ප්‍රදේශයට අයත් කොස්ලන්ද කඳු පංතියේ (15) පස්වරුවේ දී විශාල ගින්නක් හටගෙන තිබෙනවා.

එම ගින්න ඊයේ රාත්‍රී කාලය පුරාවටම කඳු රක්ෂිතයේ පැතිර ගොස් ඇති අතර එම නිසා රක්ෂිතයේ අක්කර 10 කට වඩා ගිනිගෙන විනාශ වී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

අද (16) උදෑසන වන විට ගින්න සම්පූර්ණයෙන් ම පාලනය වී ඇති බවයි පොලීසිය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.