2024 දෙවන කාර්තුවේ දී ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය 4.7%යි – සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව

economy-srilanka

2024 වර්ෂයේ දෙවන කාර්තුවේ දී ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය 4.7%ක් ලෙස වාර්තා වී ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසනවා.

2023 දෙවන කාර්තුවේ ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය රුපියල් මිලියන 2,644,240ක් ලෙස වාර්තා වී තිබූ අතර එය 2024 දෙවන කාර්තුවේ දී රුපියල් මිලියන 2,768,293 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

2024 දෙවන කාර්තුවේ දී කෘෂිකාර්මිල කටයුතු 1.7%කින්ද, කර්මාන්ත ආර්ථික කටයුතු 10.9%කින්ද, සේවා ආර්ථික කටයුතු 2.5%කින්ද ධන වර්ධනයන් වාර්තා කර ඇති බව අදාළ කාර්තුව සඳහා ජාතික ගිණුම් ඇස්තමේන්තු නිකුත් කරමින්, ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කර තිබෙනවා.