රුපියල් කෝටි පහක කේරල ගංජා තොගයක් සැකකරුවෙකු සමග අත්අඩංගුවට

22b7626a-2fd54cca-38f8ad29-arrest_850x460_acf_cropped_850x460_acf_cropped

රාජාංගනය යාය 14 ප්‍රදේශයේදී සිදුකළ වැටලීමකදී රුපියල් කෝටි පහකට අධික වටිනාකමකින් යුතු කේරල ගංජා තොගයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පුත්තලම කඳවුරේ නිලධාරීන්ට ලැබුණ තොරතුරකට අනුව, පොලිස් විශේෂ කාර්ය බලකාය සිදුකළ වැටලීමකදී කවර 94ක බහා තිබු කේරල ගංජා කිලෝ ග්‍රෑම් 203ක් මෙසේ අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වන්නේ.

මේ සම්බන්ධයෙන් කලාඔය ප්‍රදේශයේ පදිංචි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, කේරල ගංජා තොගය හා සැකකරු රාජාංගනය පොලිසියට භාරදුන් බව විශේෂ කාර්ය බලකාය සඳහන් කරනවා.