ඉදිරි ජනාධිපතිවරණයේ ජයග්‍රහණය ඉක්මනින්ම උදාකර ගැනීමේ දැඩි වුවමනාවක් අද ජනතාවට තිබෙනවා – අනුර

anura-kumara-32

ඉදිරි ජනාධිපතිවරණයේ ජයග්‍රහණය ඉක්මනින්ම උදාකර ගැනීමේ දැඩි වුවමනාවක් අද ජනතාවට තිබෙන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක පවසනවා.

මේ සැප්තැම්බර් 21 මේ රටේ ජනතාව ගනු ලබන්නේ රට අලුත්ම මාවතකට හරවන තීන්දුවක් බවත්, ජනතාවගේ බලාපොරොත්තු බිඳකින්වත් බිඳ වැටෙන්නට තමන් ඉඩ නොතබන බවයි කෑගල්ල ප්‍රදේශයේ පැවති ජන රැළියකට එක්වෙමින් එම ඔහු සඳහන් කළේ.

පක්ෂ මාරු කළහොත් මන්ත්‍රී ධූරය අහෝසි වන ආකාරයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට බලවත් සංශෝධනයක් ගෙන ඒමට කටයුතු කරන බවත්, මේ වන විට විකිණෙන සහ විකුණන දේශපාලනය නතර කිරීමට අවශ්‍ය බවත් ඔහු සඳහන් කළා.

පියවරෙන් පියවර මේ රට ගොඩ නගන්නට ජාතික ජන බලවේගයේ පාලනයක් යටතේ තමන් සැලසුම් කර ඇති බවයි ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක වැඩිදුරටත් සඳහන් කළේ.