මහලේකම් කාර්යාල දුම්රිය නැවතුම අසළ දුම්රිය පීලිපැනීමක්

train-line-ll

මහලේකම් කාර්යාල දුම්රිය නැවතුම සහ කොළඹ කොටුව දුම්රිය ස්ථානය අතර දුම්රියක් පීලි පැනීමකට ලක්ව තිබෙනවා.

ඒ අනුව පානදුර සිට මරදාන දක්වා ධාවනය වන මන්දගාමී දුම්රියක් එලෙස පීලි පැනීමට ලක්ව ඇති බවයි සඳහන් වෙන්නේ.

ඒ හේතුවෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගය අවහිර වී ඇති බවත්, මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ධාවනය වීමට නියමිත සියලුම දුම්රියන් බොහෝ වේලා ප්‍රමාද වී ධාවනය වීමට හෝ ධාවනය අවලංගු වීමට ඉඩ ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.