අන්තරේ පිරිසට ඇප

court-2

කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී පැවැති විරෝධතාවයක් අතරතුර ඊයේ (10) අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු මධුෂාන් චන්ද්‍රජිත් ඇතුළු සැකකරුවන් ඇපමත මුදාහැර තිබෙනවා.

ඒ අනුව ඔවුන් 10 දෙනා එක් අයෙකුට රුපියල් ලක්ෂ පහක ශරීර ඇප මත මුදා හැරීමට කොටුව මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලි නියෝග කර ඇති බවයි සඳහන් වෙන්නේ.

ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුවට එරෙහිව සහ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ඉදිකිරීමට එරෙහිව ඔවුන් එම විරෝධතාවය සංවිධානය කර තිබූ අතර එහිදී මොවුන් පිරිස අත්අඩංගුවට ගෙන තිබුණා.