80%කට වැඩි පිරිසක් තැපැල් ඡන්දය භාවිතා කරලා – නියෝජ්‍ය තැපැල්පති

Sri-Lanka-election-300x200

තැපැල් ඡන්ද භාවිත කිරීම ඉහළ අගයක පැවැති අතර 80%කට වැඩි පිරිසක් තැපැල් ඡන්දය භාවිතා කර ඇති බවත් නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ පවසනවා.

තැපැල් කාර්යාල වෙත ලැබී ඇති රක්ෂිත ඡන්ද පැකැට්ටු සංඛ්‍යාව අනුව සංසන්දනාත්මකව සසඳා බලා මෙම නිරීක්ෂණය සිදුකල බවයි ඔහු පවසන්නේ.

පසුගිය 04, 05 හා 06 යන දිනවලදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සිදුවුනු අතර, ඡන්දය භාවිත කිරීමට නොහැකි වූ අයට තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට සැප්තැම්බර් 11 සහ 12 යන දෙදින අතිරේක දින දෙකක් ලෙස හිමිවන බවයි වාර්තා වන්නේ.