රේගු ආදායම රුපියල් ට්‍රිලියනය පසුකරයි

customs-srilanka

2024 වසරේ මේ දක්වා ගතවුණු කාලය තුල ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව රුපියල් ට්‍රිලියනයක රේගු ආදායමක් ලබාගෙන ඇති බව රේගු අධ්‍යක්ෂ ජනරාල් සරත් නෝනිස් පවසනවා.

රේගු ආදායම රුපියල් ට්‍රිලියනය පසුකිරීම සිදුවූයේ ඉතිහාසයේ පළමු වරට වන බවයි අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ.

මේ අනුව 2024 වසර සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නියම කර ඇති රුපියල් ට්‍රිලියන 1.5ක ආදායම් ඉලක්කය සපුරාලීමට හැකිවනු ඇති බවද ඔහු වැඩිදුරටත් පවසා සිටියා.