ජනාධිපති අපේක්ෂකයෙකුට ප්‍රහාරයක් එල්ල කිරීමේ සූදානමක් ගැන ලැබුනු තොරතුරක් CIDය අධිකරණයට දන්වයි

court-2

ජනාධිපති අපේක්ෂකයෙකුට ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම් වන බවට ලද තොරතුරක් සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර තිබෙනවා.

ඒ අනුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේගේ නිල මැදිරියේදී මෙම කරුණු වාර්තා කිරීම සිදුකර ඇති අතර අතිශය රහසිගත වාර්තාවක් පසුගිය 02 වනදා ඉදිරිපත් කර ඇති බවද වාර්තා වනවා.

නුවර ප්‍රදේශයේ පදිංචි හිටපු පොලිස් නිලධාරියකු විසින් ලබාදුන් තොරතුරක් මත මෙම විමර්ශන සිදු කරන අතර එම නිලධාරියාගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන ඉදිරි විමර්ශන සිදු කරන බවයි පොලීසිය අධිකරණයට දැනුම්දී ඇත්තේ.

වැඩිදුර විමර්ශන සිදු කරන ලෙස පොලීසියට දැනුම්දී ඇති මහෙස්ත්‍රාත්වරයා සිද්ධියට අදාළ සැකකරුවන් ඇත්නම් අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙසද මහෙස්ත්‍රාත්වරයා පොලීසියට දැනුම්දී තිබෙනවා.