ජනපති අපේක්ෂකයින් අතර විවාදය අද සිට ආරම්භ වෙයි

debate

‘මාර්තු 12 ව්‍යාපාරය’ විසින් සංවිධානය කරනු ලබන ජනාධිපති අපේක්ෂක විවාද මාලාව අද (07) සිට ආරම්භ වනවා.

ඒ අනුව අද සිට දින තුනක් අපේක්ෂකයින් 16 දෙනෙක් සමඟ පස්වරු 3.00 සිට 5.00 දක්වා මෙම විවාදය පැවැත්වීමට නියමිත බවයි මාර්තු 12 ව්‍යාපාරය සඳහන් කළේ.

මෙම විවාදය රූපවාහිනී නාලිකා සහ සමාජ මාධ්‍යවලට අමතරව “හෙළකුරු ජනවරම” ඩිජිටල් මැතිවරණ තොරතුරු සේවාව ඔස්සේ අදාළ දින තුන පුරා සජීවීව විකාශය කිරීමට නියමිතයි.

66dbe4bc77348