බිබිල ප්‍රදේශයේදී බස් දෙකක් ගැටී 47 ක් රෝහල් ගත කෙරේ

accident

බිබිල නාගල ප්‍රදේශයේදී බස් රථ දෙකක් ගැටී සිදුවූ අනතුරකින් පුද්ගලයන් 47 දෙනෙකු පමණ රෝහල්ගත කර තිබෙනවා.

බිබිල පොලිස් වසමේ බිබිල අම්පාර මාර්ගයේ නාගල ප්‍රදේශයේදී බිබිල දෙස සිට අම්පාර දෙසට ධාවනය වූ පුද්ගලික බස් රථයක එම දෙසටම ඊට පසුපසින් ධාවනය වූ ලංගම බස් රථයක් ගැටීමෙන් අනතුර සිදුවී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

පෞද්ගලික බස් රථයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවය කරන පිරිසක් ගමන් කර ඇති අතර අනතුරින් බස් රථ දෙකෙහි ගමන් ගත් මගීන් 47 දෙනෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා බිබිල රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.