දේශබන්දු තෙන්නකෝන්ගේ අතුරු තහනම් නියෝගයට එරෙහිව හිමිවරුන් තිදෙනෙකුගෙන් අතරමැදි පෙත්සමක්

court-2

දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයේ වගකීම් හා රාජකාරී ඉටු කිරීම වළක්වාලමින් පනවා ඇති අතුරු තහනම් නියෝගය ඉවත් කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනුකර තිබෙන අතරමැදි පෙත්සමේ කරුණු තහවුරු කිරීම සඳහා ලබන 13 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙනවා.

මෙම අතරමැදි පෙත්සම අද (06) යසන්ත කෝදාගොඩ, ජනක් ද සිල්වා සහ අර්ජුන ඔබේසේකර යන සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී මෙම නියෝගය ලබාදී ඇති බවයි සඳහන් වෙන්නේ.

පූජ්‍ය ආචාර්ය බෙල්ලන්විල ධම්මරතන හිමියන් ඇතුළු හිමිවරු තුන්දෙනෙකු විසින් විම අතරමැදි පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා.