කොළඹ වරාය නගරයේ ඉදිකළ The Mall තීරු බදු රහිත සාප්පු සංකීර්ණය විවෘත කෙරේ

the-mall-nn

කොළඹ වරාය නගර පරිශ්‍රයේ අලුතින් ඉදිකරන ලද “The Mall” තීරු බදු රහිත සාප්පු සංකීර්ණය ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් විවෘත කර තිබෙනවා.

මෙම කලාපයේ ඉදිකරන ලද ප්‍රථම නාගරික තීරුබදු සාප්පු සංකීර්ණය මෙය වන අතර, භාණ්ඩ අලෙවිසැල්, ආපන ශාලා සහ අනෙකුත් වෙළෙඳසැල් වලින් එය සමන්විත වන බවයි වාර්තා වෙන්නේ.

මෙම සාප්පු සංකීර්ණයෙහි One World, China Duty Free Group (CDFG) සහ Flemingo යන ලොව ප්‍රකට තීරුබදු රහිත වෙ‍ළෙඳසැල් සිය මෙහෙයුම් කටයුතු ඇරඹීමට නියමිත අතර, ඒ සමඟ කොළඹ වරාය නගරය මෙම කලාපයේ සාප්පු සවාරි ගමනාන්තයක් ලෙස පිළිගැනීමට ලක්වන බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.