රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් වෙලා තියෙන්නේ සජිත් ප්‍රේමදාසගේ ඡන්ද කඩන්න – දයාසිරි ජයසේකර

dayasiri-jayasekara

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වී ඇත්තේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ඡන්ද කැඩීම සඳහා බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසනවා.

එක්සත් ජාතික පක්ෂය හා සමගි ජන බලවේගය ශක්තිමත් කිරීමට අවශ්‍ය නම් රනිල්ට ඡන්දය ලබාදීම නවතා සජිත් ප්‍රේමදාසට ඡන්දය ලබාදෙන ලෙසයි මන්ත්‍රීවරයා ජන හමුවකට එක්වෙමින් සඳහන් කළේ.

සුරුට්ටු කඩයක් හෝ කරපු නැති පිරිසක් බලයට ගෙනැවිත් බංග්ලාදේශයේ ඇතිවූ තතත්ත්වය මෙරට තුළ ඇති නොකරන ලෙසද ඉල්ලා සිටින බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර වැඩිදුරටත් ප්‍රකාශ කළා.