රට ඉදිරියට ගෙන යා හැකි හොඳම කණ්ඩායම අභියෝගය හමුවේ රට භාරගත් කණ්ඩායමයි – ජනපති

ranil-75-meet[1]

රට ඉදිරියට ගෙන යා හැකි හොඳම කණ්ඩායම ආර්ථික අභියෝගය හමුවේ රට භාරගත් කණ්ඩායම බවත්, සැප්තැම්බර් 21 වනදා ගැස් සිලින්ඩරය ඉදිරිපස කතිරය ගසා අසීරුවෙන් ගොඩනැගු රටේ ආර්ථිකය බේරා ගන්නා ලෙස තමා සියලු ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ආර්ථික අර්බුදයෙන් රට බේරගත්තේ මෙරට ගොවි ජනතාව මිස ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින 38 දෙනා නොවන බවයි යාපහුවේ පැවති “පුළුවන් ශ්‍රී ලංකා” විජයග්‍රාහී ජන රැලිය අමතමින් ජනාධිපතිවරයා සඳහන් කළේ.

වයඹ ගොවි ජනතාව වෙනුවෙන් වයඹ ඇළ ව්‍යාපෘතියේ ඉතිරි කටයුතු ද කඩිනමින් නිම කරන බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

66d93d9cd8d7apdf_page_3 66d93d9c9fafcpdf_page_2 66d93d9c85dc8pdf_page_1 66d93d9c75992pdf_page_0