මේ පාර්ලිමේන්තුවේ ඉන්න තුනෙන් දෙකක් ඊළඟ පාර්ලිමේන්තුවේ නෑ – අනුර

anura-kumara-32

වර්තමානයේ පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගෙන් තුනෙන් දෙකකට ඉදිරි මහ මැතිවරණයෙන් පසු පාර්ලිමේන්තුව නියෝජනය කිරිමේ අවස්ථාව අහිමි වන බව ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක පවසනවා.

ජාතික ජන බලවේගයේ ජයග්‍රහණයෙන් පසුව කඩිනමින් මහ මැතිවරණයක් පැවැත්වීමට කටයුතු කරන බවද ජාඇළ ප්‍රදේශයේ පැවති ජන රැලියක් අමතමින් ඔහු සඳහන් කළා.

පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණය පවත්වන තෙක් ව්‍යවස්ථානුකූලව රට පාලනය කිරීමට කටයුතු කරන බවයි ඔහු වැඩිදුරටත් පවසා සිටියේ.