දෙවන දිනය සඳහා තැපැල් ඡන්ද විමසීම ආරම්භ වෙයි

Sri-Lanka-election-300x200

මෙවර ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීම දෙවන දිනය සඳහා අද (05) ආරම්භ වී තිබෙනවා.

ඒ අනුව අද පෙරවරු 9.00 සිට පස්වරු 4.00 දක්වා තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු සිදු කිරීමට නියමිතයි.

අද දිනයේදී ත්‍රිවිධ හමුදා කඳවුරුවල සහ සෙසු සියලුම රාජ්‍ය ආයතනවල සිටින කාර්ය මණ්ඩලය සඳහා තැපැල් ඡන්ද සලකුණු කිරීමේ අවස්ථාව ලබාදී තිබෙනවා.